වාහන ආනයනය සඳහා ඉඩ ලබාදෙන බවට රජය නිතර පවසන දේ සම්බන්ධයෙන් සැකයක් මතුවෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ කෙසේවෙතත් වාහන ආනයනයට ඉඩ ලබාදුන් පසු මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාවයක් ද ඇති බවය.
ඔහු පෙන්වා දෙන්නේ වාහන ආනයනයට ඉඩ ලබාදුන් පසු මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාවයක් ඇති බවයි.
තම සංගමය රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එහිදී මුලින් බස්, ලොරි වැනි වාහන ආනයනය කර එය ආර්ථිකයට බලපාන ආකාරය බලා පසුව ත්‍රීවිල්, යතුරුපැදි සඳහා ආනයනය තහනම ලිහිල් කර ඉන් පසුව කාර්, වැන්වලට අවස්ථාවල ලබා දෙන බව අමාත්‍යවරයා පැවසූ බවයි ඔහු පවසන්නේ.

