පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා සිසුන්ට පොලී රහිත ණය ලබා දීමේ සීමාව රුපියල් දසලක්ෂයක් දක්වා වැඩි කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.
එමෙන් ම මෙවර එම ණය ලබා ගැනීමේ දී ඇප කොන්දේසි වැඩි කිරීමට ද නියමිත ය.
මෙම ණය ක්‍රමය යටතේ සිසුන්ට තෝරා ගත් පෞද්ගලික විශ්ව විද්‍යාලයන්හි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව හිමි වේ.
මේ සඳහා ඒ අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව අපොස උසස් පෙළ විභාගයේ Z අගය මත සිසුන් තෝරා ගැනීම සිදු කෙරේ.
මෙම ණය පියවීම සඳහා උපාධිය අවසන් වීමෙන් අනතුරුව ද වසරක සහන කාලයක් හිමිවෙයි.

