Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල පහළට! ඩොලරය ඉහළට!

2 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.07ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.67ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (31) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 296.97ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.58 ක් ලෙස සටහන් වුණා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වෙනවා.
මහජන බැංකුව – රු. 296.50 – රු. 306.54
කොමර්ෂල් බැංකුවේ – රු. 295.59 – රු. 305.75
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.75 – රු. 305.75
සෙලාන් බැංකුව – රු. 295.75 – රු. 305.25
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.00 – රු. 308.00
එන්.ඩී.බී. (NDB) – රු. 294.90 – රු. 305.90
අමානා බැංකුව – රු. 299.25 – රු.304.75
ලංකා බැංකුව – රු. 298.25 – රු. 306.25