Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

2 years ago

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රහාරයකට  ලක්ව පාදයකට බරපතල තුවාල ලැබූ බව පැවසෙන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා හට පැය 04 ක පමණ ශල්‍යකර්මයක් සිදු කළ බව ඒ මහතාගේ පුත් නිළුපුල් රාජපක්ෂ පවසයි.

ඔහු ඒ සම්බන්ධයෙන් කොටුව පොලිසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු පවසන්නේ අදාළ ප්‍රහාරයෙන් තම පියා මේ වන විට කොළඹ යුද හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

ප්‍රහාරයෙන් තම පියාගේ පාදයකට බරපතල තුවාල සිදුව ඇති බවත් ඔහුව පැය 04 ක ශල්‍යකර්මයකටද භාජනය කළ බවත් ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත් නිලුපුල් රාජපක්ෂ මහතා පවසනවා

සිදුවීම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදුවන අවස්ථාවේදී ඔහු එක්වරම තමාට අතින් පයින් පහරදුන් බවයි.

කෙසේවෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ උණුසුම් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ තමා ගුණතිලක රාජපක්ෂ මන්ත්රීවරයාගේ කමිස කොළරයෙන් අල්ලාගත් බවත් ඒ අසල සිටි තවත් මන්ත්‍රීවරුන් කීපදෙනෙක් ගුණතිලක රාජපක්ෂ මහතා පසුපසට ගැනීමට උත්සහ කිරීමක් සිදුකළ අතර ඒ අවස්ථාවේ ඔහු ඇද වැටී තුවාල ලද බවයි.

ඔවුන් දෙදෙනා අතර මෙම ගැටුම ඇතිව තිබුණේ ඊයේ(03) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි. මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කටයුතු පිළිබඳව ඇති වූ මතභේතාත්මක තත්ත්වයක් මුල්කරගෙන එම ගැටුම ඇතිව තිබුණි.

මහින්දානන්ද අලුත්ගමගේ හා ගුණතිලක රාජපක්ෂ මන්ත්රීවරු දෙදෙනාම මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර ගුණතිලක රාජපක්ෂ මන්ත්රීවරයා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරය උසුලයි.