සිය ෆේස්බුක් පිටුව වෙත වීඩියෝවක් එක් කරමින් ලංකා බැංකුව සිය ගනුදෙනුකාර බවතුන් වෙත ඉතා වැදගත් දැනුම් දීමක් සිදු කර තිබේ.
ඒ ඔබ වෙත ලැබෙන OTP අංකය වංචාකරුවන් විසින් ඉතා උපක්‍රම සිලිව ලබා ගැනීමට උත්සාහ කරන අවස්ථා පිළිබඳව වාර්තා වී ඇති බව දන්වමින්.
එම වීඩියෝවෙන් ජනතාවට දැනුම් දෙන්නේ එම OTP අංකය වෙනත් පාර්ශ්වයකට ලබාදීමෙන් ඔබ මූල්‍ය වංචාවන්ට හසු විය හැකි බවයි.
ඒ හේතුවෙන් කිසිවිටෙකත් ඔබට ලැබෙන OTP අංකය වෙනත් පාර්ශවයකට ලබා නොදෙන මෙන් ලංකා බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මූල්‍ය වංචාවන්හි ගොදුරක් නොවී සිටීම ඔබ සතු වගකීමකි.

