Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමට මුල්තැන

2 years ago

ඉදිරියේදී වාහන ආනයනය කිරීමේදී ඉලෙට්‍රික් සහ හයිබ්‍රිඩ් වාහන සඳහා ප්‍රමුඛතාව හිමිවනු ඇති බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවැසීය.

මේ වන විටත් ඒ සඳහා වන සාකච්ඡා සිදුවෙන බවත් ඉදිරියේදී රජය විසින් ඒ බව නිල වශයෙන් දැනුම් දෙනු ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන මගින් රාජ්‍ය ආයතන පරිශ්‍රයන්වල රුක් රෝපණ වැඩසටහනක් ආරම්භකර ඇති අතර මේ ඔස්සේ නාගරික ප්‍රදේශවල වායු විමෝචනය අවම කිරීමට දායකත්වයක් ලබාදීමට බලාපෙරොත්තු වේ.