Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝහිත අබේගුණවර්ධනට ලොකු වගකීමක් පවරයි

2 years ago

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ, අද (07) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා සහ දේශපාලන මණ්ඩල රැස්වීමේදියි.

කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවති සාකඡාවෙන් පසු එම පක්ෂයේ මහ ලේඛම් සාගර කාරිවසම් මහතා කියා සිටියේ,

“මේ රැස්වීම පැවැත්වෙන්න මූලිකවම ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණය තමයි පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු විශේෂයෙන්ම ඉදිරියට එන්නේ මැතිවරණ කාලයක්. ඒ කටයුතු ශක්තිමත්ව කිරීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වුණා,ඒ සම්බන්ධයෙන් මුහුණ දෙන්න පුළුවන්.ඒ අනුව පක්ෂයේ ජාතික කැඳවුම්කරු හැටියට නව තනතුරක් පක්ෂ ව්‍යවස්ථාව​ට ඇතුළත් කළා. ඊටපස්සේ විධායක ස​භා මණ්ඩලය ඒකමතිකව ඒ තනතුර සඳහා රෝහිත අබේගුණවර්ධන මහතාගේ නාමය අනුමත කළා.ඒ අනුව එතුමා අද සිට පක්ෂ නිලධාරී මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට විතරක් නෙවෙයි, ජාතික කැඳවුම්කරු හැටියට කටයුතු කරනවා.”