ජනමත විචාරණයක් හරහා ජනාධිපතිගේ ධුර කාලය වසර දෙකකින් දිගු කර ගන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ කාලයද ඒ අනුව වසර දෙකකින් දීර්ඝ කරගත යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
එවැනි එකඟතාවක් ජනාධිපතිවරයා විසින් ඇති කරගතහොත් බහුතරයක් මන්ත්රීවරුන් ජනාධිපතිගේ ධුර කාලය දිගු කර ගැනීම සඳහා වන ජනමත විචාරණයකට එකඟව අත ඔසවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අපට අනාවරණය වූයේ ජුලි මස මුල ජනමත විචාරණයකට යෑමට ආණ්ඩුවේ සැලසුමක් පවතින බවයි.
විශේෂයෙන්ම නවක මන්ත්රීවරුන් විශාල ප්රමාණයක් පාර්ලිමේන්තුවේ සිටින අතර ඔවුන්ගේ විශ්රාම වැටුප අහිමි වීම වළක්වා ගැනීමට නම් ඔවුන්ගේ ධුර කාලය තව වසර කිහිපයක් ඉදිරියට පවත්වාගෙන යා යුතුව තිබේ.

