Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ හා පෞද්ගලික අංශ සේවකයින් සඳහා සහන පොලී නිවාස ණය යෝජනා ක්‍රමයක්

2 years ago

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මගින් මේ වනවිට නවතා ඇති ප්‍රතිලාභ හිමියන් වෙත නිවාස ණය ලබාදීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට මේ වනවිට සාකච්ඡා සිදු කරමින් ඇති බව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) නිහාල් ප්‍රසන්න පැවසීය.

මෙම නිවාස ණය ක්‍රමය හරහා එක් ප්‍රතිලාභියකු වෙත රුපියල් ලක්ෂ විසි පහක් දක්වා ණය මුදලක් ලබාදෙයි.

මෙය පසුගිය කාලසීමාවේදී තාවකාලිකව නවතා දැමීමට සිදුවුවත් මේවනවිට එය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ බැංකු සමග සාකච්ඡා සිදු කරමින් ඇති බවයි සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ.

එම සාකච්ඡා තුළින් යම් එකඟතාවකට පැමිණීමෙන් පසු නැවත එම ප්‍රතිලාභය ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.