නැගෙනහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරියක වන ආරියවතී ගලප්පත්ති මහත්මිය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමග ‘ජයගමු ශ්‍රී ලංකා’ වේදිකාවට එක්වී තිබෙනවා.
එහිදී ඇයව පිළිගනිමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේ ඇයව නැවතත් අපේ වේදිකාවට බොහොම ආදරයෙන් පිළිගන්නා බවයි.
මීට සති කිහිපයකට පෙර සමගි ජන බලවේගය නිවේදනය කළේ ඇය සමගි ජන බලවේගය හා එක් වූ බවයි.

