Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාලිමාවට එක්වෙයි

2 years ago

ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව අද (09) පෙරවරු 10ට ආරම්භ වුණා.

ඒ, මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දීයි.

එම අවස්ථාවට හිටපු පොලිස් නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්.

විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ, හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතායි.

එමෙන් මෙම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ද එක්ව සිටියා.