තමන් බලයට පැමිණීමෙන් අනතුරුව 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (09) කිළිනොච්චිය භාරතී විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ සුහුරු පන්තිකාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ සිංහල වුවත් දමිළ වුවත් බර්ගර් වුවත් මුස්ලිම් වුවත් එක මවගේ දරුවන් ලෙස අත්වැල් බැඳ ගෙන රට ගොඩ නැගීමට එකතු වන ලෙසටය.
13 වැනි සංශෝධනය ගැන පැවසීමේදී විවිධ නායකයින් බියවන බවත් ඔවුන් දේශපාලන අවස්ථාවාදීන් වුවත් තමන් කෙළින් කතා කරන අයකු ලෙස 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනා බවත් එහිදී විපක්ෂනායකවරයා පවසා තිබේ.
