Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාර්යක්ෂමතාවයෙන් ඉහළ අලුත්ම පෙට්‍රල් වර්ගයක් හෙට සිට වෙළඳපොළට

2 years ago

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම හෙට (10) සිට නව පෙට්‍රල් වර්ගයක් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

ආරම්භයේදී නාරාහේන්පිට සහ තුම්මුල්ල පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකකින් පමණක් මෙම පෙට්‍රල් බෙදාහැරීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

මෙම වර්ගය XP100 ලෙසින් නම්කර ඇති අතර, මෙය ඔක්ටේන් 100 ප්‍රිමියම් කාණ්ඩයට ඇතුළත් වන්නකි.

මෙම පෙට්‍රල් වර්ගය මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමත් සමඟ මෙරට ඉන්ධන වෙළඳපොළෙහි පවතින ඉහළම ඔක්ටේන් ශ්‍රේණිගත කාණ්ඩය සහිත ඉන්ධන වර්ගය බවට මෙය පත් වනු ඇත.

මෙය වාහනවල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට දායක වන බව එම සමාගම සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම වර්ගයේ ඉන්ධන ලීටරයක මිල සාමාන්‍ය ඉන්ධනවලට වඩා මිල අධික බවයි සඳහන් වෙන්නේ.