මෙවර ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජනතා සන්ධාන පක්ෂයේ මහලේකම් එම්.කේ.ශිවාජිලිංගම් පවසනවා.
ඊයේ (11) යාපනය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසූ අතර ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් ජනාධිපතිවරණයට තරග කරන බවයි ඔහු පවසන්නේ.
දෙමළ දේශපාලන පක්ෂවල ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිමත් කිරීමට වුවමනාවක් නොමැති බවත් මේ හේතුව නිසා තමන් එම තීරණය ගැනීමට සිතූ බවයි ඔහු පවසන්නේ.
පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා දෙමළ දේශපාලන පක්ෂවලට තවමත් කාලය ඉතිරි වී ඇති බවත් සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා ඔවුන් දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් එම අපේක්ෂකයාට සහය ලබා දෙමින් තම තීරණය හකුලා ගන්නා බවත් පැවසුවා.

