Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

imf approval for sri lanka

වාහනයක් ගන්න බලන් ඉන්න සැමට සුභ ආරංචියක්! වාහන ආනයන සීමා ඉවත් කිරීමට IMF මැදිහත් වෙයි!

2 years ago

මෙරට රජයේ තීරණයක් මත මේ වන විට පනවා ඇති වාහන ආනයනය සීමා කිරීම ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා හෙට (15) දිනය වන විට මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ශ්‍රී ලංකාවට අදාළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ විධායක ප්‍රධානී පීටර් බෘවර් ඒ බව අද(14) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළා.

එම සැලැස්ම අනුව 2024 තුන්වන කාර්තුවේ දී පොදු මගී සහ විශේෂ කාර්ය වාහන ආනයනය ආරම්භ වන අතර, මෙම වසරේ ම සිව්වන කාර්තුවේ දී භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමටත්, ඉතිරි වාහන 2025 දී ආනයනයට අවසර දීමටත් සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.