පක්ෂ නායකත්වය විවේචනය කිරිම සම්බන්ධයෙන් සමඟි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු ක්රියාමාර්ගයක් ගන්නා බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
මහලේකම්වරයා සඳහන් කළේ සරත් ෆොන්සේකා මන්ත්රීවරයා ජනාධිපතිවරයාගේ කොන්ත්රාත්තුවක් ඉටුකරමින් සිටින බවයි.
පක්ෂය තුළ සිටිමින් පක්ෂ නායකයා විවේචනය කිරීම සුදුසු නොවන බව මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතාට එම පක්ෂයෙන් නාම යෝජනා නොදී සිටීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම පක්ෂය විසින් සංවිධානය කරන රැස්වීම් හා උත්සව අවස්ථා සඳහාද සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ කර නොගැනීමට තීරණය වී තිබේ.
පක්ෂ නායකත්වයට හා පක්ෂයට එරෙහිව දිගින් දිගටම ෆොන්සේකා මහතා සිදු කරන ප්රකාශ මත මෙම තීරණය ගෙන තිබේ.


