Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මට ඔහුවමයි ඕනේ!නීතිපතිගේ සේවා දිගුව ජනපති යළිත් ව්‍යවස්ථා සභාවට යොමු කිරීමට සැරසෙයි!

2 years ago

නීතිපති සංජය රාජරත්නම්ට තවත් මාස හයක සේවා දිගුවක් ලබා දෙන ලෙස වූ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් යළිත් වරක් ව්‍යවස්ථා සභාව වෙත යොමු කිරීමට සූදානම් බව, සිලෝන් ටුඩේ පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.

ජනාධිපතිවරයා මීට පෙර ඉදිරිපත් කර තිබුණු එකී ඉල්ලීම පසුගිය 18 වන දා ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව, ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද නාම යෝජනාවක් යළිත් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබේ.

නීතිපති සංජය රාජරත්නම්ට සේවා දිගුවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජනාධිපතිවරයා ලැබූ දැඩි පරාජයක් බව පාර්ශ්ව රැසක් හුවා දක්වන ලදී.