ඉදිරි ජනාධිපතිවරණයක දී තමාගේ සහ තම පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ටී.එම්.වී.පී පක්ෂ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු ඔහුගේ පාක්ෂිකයින් මුණ ගැසී සාකච්ඡා කර ඇත.
ඒ ඊයේ (22) පස්වරුවේ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පක්ෂ මුලස්ථානයේදීය.
මේ අතර සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක සුදුසුකම්ලාභීන් 27,595ක් අතුරින් පුද්ගලයන් 192ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම සිදුකෙරුණා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට අමතරව උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ ඉංග්‍රීසි ඩිප්ලෝමධාරීන් 252ක් වෙනුවෙන් ගුරු පත්වීම් ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.


