හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන මිල්රෝයි එස්. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
සමාජවාදී එක්සත් පෙරමුණෙන් පළාත් සභා සාමාජිකයකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඒ මහතා 1999 වසරේදී පළමුවරට පුත්තලම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු 2015 තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
ඔහු සමාජ සේවා, ධීවර ප්‍රජා හා නිවාස සංවර්ධන අමාත්‍ය ධූරය, ක්‍රිස්ත්‍රියානි කටයුතු හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධූරය ආදී අමාත්‍ය ධූරයන් රැසක් හෙබවීය.
අභාවප්‍රාප්ත වනවිට 79 වැනි වියෙහි පසුවූ ඒ මහතාගේ දේහය වෙන්නප්පුව, අලුත් පාර ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු 2024 ජුනි මස 24 සදුදා දින ප.ව. 4.00 ට වෙන්නප්පුව රෝමානු කතෝලික සුසාන භුමියේදි සිදු කෙරේ.


