දේපොළ බද්ද ක්‍රියාත්මක වන්නේ ලබන වසරේ (2025) පළමු කාර්තුවෙන් පසුව බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.
මෙම බද්දට යටත් වන්නේ මෙරට ජනගහනයෙන් සියයට 10 ක ප්‍රතිශතයක් පමණක් බවත්, සියයට 90ක් වූ ජනතාවට ඉන් ප්‍රතිලාභ හිමිවන බවද ඇමැතිවරයා පැවසීය.
“මෙම බද්දට මුහුණදෙන්න වෙන්නේ සියයට 10කට පමණයි. සියයට 90ක ජනතාවට ලැබෙන්නේ අය වෙන බද්දෙන් ලැබෙන ප්‍රතිලාභ. ඔවුන්ට වක්‍ර බදු ලෙස ගෙවන්න තිබුණ බදු ප්‍රමාණය අනාගතයේ දී අපිට අඩු කරන්න පුළුවන්. අනිත් සියයට 10 ගත්තත් ඔවුන්ට තියෙන පළමු වත්කමින් අය කිරීම වෙන්නේ නෑ. අනිත් වත්කම්වලින් සුළු ප්‍රතිශතයක් තමා රාජ්‍ය ආදායමට දායක වෙන්නේ. ඔවුන්ට දරාගන්න බැරි යෝජනාවක් අපි ගෙන එන්නේ නෑ. මේක වක්‍ර බද්දක් නෙමෙයි. මේක කාටවත් මාරු කරන්න බෑ. ගෙවන කෙනා දරාගත යුතුයි. ඒ නිසා මේක අවසානය එන්නේ පුංචි මිනිහාට කියනවා නම් ඒක වැරදියි.”


