ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහ අට දෙනකු සඳහා විමධ්‍යගත ප්‍රතිපාදන ලෙස මිලියන 1206ක් ලබාදී ඇති බව වාර්තා වේ.
ඉන් වැඩිම මුදල් ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ෆයිසාල් කාසිම්, ඉෂාක් රහුමාන් සහ සෙයිඩ් අලි සහීර් මවුලානා යන මන්ත්‍රීවරුන් තිදෙනා වෙතයි. ඔවුන් තිදෙනා වෙත රුපියල් මිලියන 100 බැගින් නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
තවද රිෂාඩ් බදුයුදීන්ට රුපියල් මිලියන අසූ පහක්, වෛද්‍ය කවින්ද ජයවර්ධනට රුපියල් මිලියන හැට නවයක්, රෝහිණි කවිරත්නට රුපියල් මිලියන හැට දෙකක්, ජේ.සී. අලවතුවලට රුපියල් මිලියන හැට එකක්, වේලු කුමාර්ට රුපියල් මිලියන හැටක්, වෛද්‍ය රාජිත සේනාරත්නට සහ ගයන්ත කරුණාතිලකට රුපියල් මිලියන පනස් එකක්, හර්ෂ ද සිල්වා, සුජිත් සංජය පෙරේරා, කිංස් නෙල්සන්, සහ ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන පනහ බැගින්ද, අජිත් මාන්නප්පෙරුම සහ පාඨලී චම්පික මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන හතළිස් නවයක්, දිලිප් වෙදආරච්චිට රුපියල් මිලියන හතළිස් අටක් සහ හෙක්ටර් අප්පුහාමිට රුපියල් මිලියන දහ අටක මුදලක් නිදහස් කර ඇතැයිද සඳහන්.


