Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහජන හා ලංකා බැංකුවලින් ආණ්ඩුව මුදල් ගැනීම අත්හිටුවයි

2 years ago

ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් රාජ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් ණයට ගැනීම අත්හිටුවා තිබේ.

මහා භාණ්ඩාගාරය විසින් මෙම පියවර ගෙන තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම හා රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළින් මෙම තත්ත්වය ළඟා කර ගත් බවයි.

අභියෝග රැසක් මැද 2023 වසරේදී මහාභාණ්ඩාගාරය විසින් මෙම තත්ත්වය ළඟා කරගෙන ඇතැයි ද පැවසූ ඔහු එය මෙරට ආර්ථිකයේ විශේෂ ජයග්‍රහණයක් බවද පැවසුවේය.