ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලබන ලාභය අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඉදිරි මිල සංශෝධනයන්හිදී මෙරට ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදු වනු ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිල අඩු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.71ක්.
WTI වර්ගයේ බොර තෙල් බැරයක් අලෙවි කරන්නේ ඩොලර් 80.33කටයි.
මෙරට මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය මේ මස 30 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.


