Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ranil wickramasinghe and basil rajapakshe

පොහොට්ටු මන්ත්‍රීන් 43ක්, බැසිල්ට හොරෙන් රනිල්ට, රනිල්ට හොරෙන් බැසිල්ට සහාය දෙන්න පොරොන්දු වෙලා

2 years ago

පොහොට්ටු පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක්, පොහොට්ටු නායකත්වයට රහසේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවට පොරොන්දු වී, පසුව එම පොරොන්දුවම රනිල් වික්‍රමසිංහ මහතාට රහසේ බැසිල් රාජපක්ෂට ද ලබා දී ඇති බව වාර්තා වේ.

මෙසේ දෙපාර්ශ්වයටම සහාය දෙන බවට පවසා ඇති පොහොට්ටු මැති ඇමතිවරු ගණන 43 කි.

ඔවුන් අතර, අමාත්‍යවරු තුන් දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 13 ක් සහ මන්ත්‍රීවරු 27 ක් සිටින බව පැවසේ.

මෙම පිරිස, පාර්ශ්ව දෙකටම සහාය දෙන බවට පොරොන්දු වී ඇති බව හෙළි වීමෙන් නායකයන් දෙපළේම දැඩි දෝශ දර්ශනයට ඔවුන් ලක්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් සෘජු තීරණයක් ගැනීමට නොහැකිව පසුවන බවයි.