Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විමලවීර දිසානායකට ජනපතිගේ උත්සවයේදී කුඩම්මාගේ සැලකිල්ලක්

2 years ago

අද දින (25) ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික් උරුමය ඉඩම් ඔප්පු ලබා දීමේ උත්සවයෙ පැවතියා.

එම උත්සවයට සහභාගී වූ එම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක එම උත්සව සභාවෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වනවා.

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අම්පාර දිස්ත්‍රික් නායකයාද වන ඔහු අදාළ උත්සව සභාව අරාම්භ වීමට මත්තෙන් එහි පැමිණි සිටියත් ඔහුට එහි අසුනක් පනවා නොමැතිවීම හේතුවෙන් ඔහු මෙලස උත්සව සභාවෙන් පිටව ගොස් තිබේ.

ඉන් අනතුරුව ඔහුට එම උත්සව සභාවේ අසුනක් පැනෙව්වද ඔහු ඒ වනවිටත් සිය නිවස බාලා පිටත්ව ගොස් තිබු බව වාර්තා වනවා.