Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටුවේ අලුත්ම තාලයේ පෝස්ටරයකින් කොළඹ නගරය වැසෙයි

2 years ago

කොළඹ නගරයේ ස්ථාන රැසක ඊයේ(25) රාත‍්‍රියේ විශේෂ දැන්වීමක් අලවා තිබේ.

එම පෝස්ටරයේ ‘ආරංචිය සුභයි. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්’ යනුවෙන් සඳහන් කර ඇත.

එම දැන්වීම ඇලවීමේ අරමුණ පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇතැම් දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා හා රාජපක්ෂවරුන් අතර පවතින සීතල දේශපාලන යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි දැන්වීමක් ප්‍රදර්ශනය කරන්නට ඇති බවයි.

ඊට දින කිහිපයකට පෙර ජනාධිපතිට හිතවාදී කණ්ඩායම් විසින් දිවයිනේ ප්‍රදේශ රැසක පෝස්ටරයක් අලවා තිබුණි.

එහි දැක්වුනේ ‘ආරංචිය සුබයි’ යනුවෙනි. එම දැන්වීම අලවා තිබුණේ අද දිනයේ මෙරට විදෙස් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට එළැඹීමට සමගාමීවයි.