ශ්‍රී ලංකාව, ද්වි පාර්ශවික නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ මීට ටික සුළු මොහොතට පෙර ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළැඹ තිබෙනවා.
ප්‍රංශයේ පැරිස් නුවරදී මෙම ගිවිසුම අත්සන් තබා ඇති අතර එහිදී ඇමරිකානු ඩොලර් බිලියන 5.8 කණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා අරමුදල් වෙන් කිරීමට සහ එහි සංවර්ධන අවශ්‍යතා සඳහා සහනදායි ණය සහනයක් ලබා දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේ.


