“රනිල් තමයි මිනිහා” යන සුබ ආරංචිය අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පොහොට්ටුව රනිල්ට උදව් කළේ ඔහුට අභියෝග බාර ගැනීමට තිබූ හැකියාව නිසා බවත් මේ වන විට රටේ බහුතර ජනතාව ද පොහොට්ටුව එදා ගත් තීරණය අනුමත කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ, “ආරංචිය සුබයි” යන තේමාව මුල් කරගනිමින් බම්බලපිටිය ලෝරිස් පටු මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේ,
”භූමිතෙල් ගහපු අය වගේ හිතෑව දුවනවා වගේ සමහරුන්ට දැනෙනවා.රට තුළ කුහක දේශපාලන කණ්ඩායමක් බව පේනවා.රටට සුභ ආරංචියක් එනවා කිව්වා ..මේකට කලබල වෙන අය රටට ආදරේ නෑ..රටේ මිනිස්සුන්ට සුබ වෙනවයි කියලා තමයි සුභ ආරංචිය ගැන කිව්වේ.රටට සුබ වෙනකොට අකමැති අය කවුද.රටට අසුභවාදීව පතන කවුද කියන එක පැහැදිලි ඉරක් ගහගන්න පුළුවන්.කොරියාව මේ වගේ තත්ත්වයට මුහුණ දුන්නාම එකට එකතුවෙලා ශක්තිමත් වුණා. ක්ෂේත්‍ර ගණනාවක වර්ජන ඇති කරලා උත්සාහ කරන්නේ සුභම පණිවිඩය සුභ ආරංචියක් එනකොට රටා කඩා වට්ටන්න.” යනුවෙනි.
මෙම මාධ්‍ය හමුවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුද සහභාගී වූහ.


