Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත් ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා

පිල් මාරුවට පෙර සරත් ෆොන්සේකාව පන්නන්න සැරසෙයි

2 years ago

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ ඉවත්වීමට සැරසෙන හෙයින් ඊට ප්‍රථම ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

නායකත්වය විවේචනය කළ සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීමට පක්ෂයට පූර්ණ බලය පවතින බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් පක්ෂයේ ඇතැම් නායකයින් සඳහන් කර ඇත්තේ එවැනි පියවරක් ගැනීම අවශ්‍ය නොවන බවයි.

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායකත්වය දරුණු ලෙස විවේචනය කළේය.

ෆොන්සේකා මහතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධ වන බවට මේ දිනවල ආරංචි පැතිරෙමින් පවතී.