Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිවරණයට මාස තුනයි! හිටපු ජනපති මහින්ද හදිසියේම චීනයට!

2 years ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (27) චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු එම සංචාරය අතරතුර චීන අග්‍රාමාත්‍ය Li Qiang සහ විදේශ අමාත්‍ය Wang Yi හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවට වාසිදායක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍ය Li Qiang සහ අමාත්‍ය Wang Yi සමඟ සාකච්ඡා කිරීමටත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම පිළිබඳවත් සාකච්ඡා කිරීමටත්, චීනය සහ චීනයේ Exim බැංකුව ලබාදුන් ආධාරවලට කෘතඥතාව පළ කිරීමටත් නියමිත බව සඳහන්.