Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක්

2 years ago

එළඹෙන ජුලි මස 17න් පසුව ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබෙන බවත් ඒ අනුව මැතිවරණ කොමිසම දින ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම් බවය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණය සඳහා 2024 ජන්ද හිමි නාමලේඛනය උපයෝගී කරගැනීමට හැකියාවක් පවතින බවයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා අද (29) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.