පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින තවත් මන්ත්රීවරු දොළොස් දෙනෙකු සමගි ජන බලවේගය හා එක්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම මන්ත්රීවරු දොළොස් දෙනාට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක මන්ත්රීවරු කීප දෙනෙක්ද සජබය හා එක් වීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර පවසා තිබේ.
මෙම මන්ත්රීවරුන් ඉදිරි දින කිහිපයේදී තම පක්ෂය හා එක්වීමට නියමිත බවයි මහලේකම්වරයා සඳහන් කළේ.
අදාල සියලු මන්ත්රීවරුන් සහ සමගි ජන සන්ධානය අතර ගිවිසුම් අත්සන් කිරීම ලබන මාසයේදී සිදු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


