Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විමල්ගේ පුත්තලමේ බල කණුව ගැලවෙයි! නව සන්ධාන වේදිකාවට ගොඩ වෙයි!

2 years ago

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන කණ්ඩායම විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ දෙවැන්න ඊයේ (29) මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේදී පැවැත්වුණා.

මෙය සංවිධානය කර තිබුණේ, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර විසින්.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මිය යෑමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා පාර්ලිමේන්තුවට පිවිසි ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මෙම රැළිය සඳහා එක්වීම විශේෂත්වයකි.

එම සන්ධානයේ නායකයින් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්මාණය කරන දැවැන්තම සන්ධානය ගොඩ නඟන බවයි.

විශාල ජන සහභාගීත්වයකින් පැවති මෙම රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, එස්.වියාලේන්ද්‍රන්, ජගත් ප්‍රියංකර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නව සන්ධානයට සහය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියා.