Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට සිට බස් ගාස්තු පහළට ? බස් සංගම් මත දෙකක!

2 years ago

මගී ප්‍රවාහන සේවයට අදාළ ජාතික ප්‍රතිපත්තියට අනුව සිදු කෙරෙන බස් ගාස්තු සංශෝධනය හෙට (01) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවත්වන බවත් එහිදී නව ගාස්තු ප්‍රකාශයට පත් කරන බවත්ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසීය.

බස් ගාස්තුව සියයට 5.27කින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සහ බස් සංගම් අතර පසුගියදා පැවැති සාකච්ඡාවක දී එකඟත්වය පළ කෙරුණා.

ඒ අනුව රුපියල් 30ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28 දක්වා අඩු වනු ඇති. සෙසු ගාස්තු හෙට දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීමට විරෝධය පළ කරමින් සැලසුම් කළ පරිදි බස් රථ ගාස්තු අඩු නොකරන බවයි.

කෙසේ වෙතත් මේ වනවිට බස් ගාස්තු අඩු කිරීම පිළිබඳව බස් සංගම් මත දෙකක් පළ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් ස‌භාව මේ දක්වා නිසි ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මේ අතර පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.