ලබන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයකු අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බව එම පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙනාවේ ඒ මොහොතේ තිබුණු ප්‍රශ්න ටික විසඳීමට බව පැවසූ තිස්ස කුට්ටිආරච්චි මහතා රනිල් වික්‍රමසිංහ නැතිව රෝහිත අබේගුණවර්ධන සිටියත් පොහොට්ටුවේ අමාත්‍යවරුන් කාංචනලා ෂෙහාන්ලා ඒ වැඩේ හරියට කරන බවද ප්‍රකාශ කළේය.
පෝලිම නතර කළා කියලවත් දෙකයි පනහට කන්න දුන්නා කියලවත් කිරිපිටි පැකට් එකේ මිල අඩු කළා කියලවත් මිනී මැරුවා කියලවත් නායකයන් පත් කිරීමට නොහැකි යැයිද ඔහු සඳහන් කළේය.
“නාමල් ගේන්න හදන විට ඒකා තවම ලපටි වැඩියි කියනවා. මම දන්නෙ නැහැ මේකේ කොහෙන්ද ලපටි කියලා” යැයිද තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනුර කුමාරට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නැති බවයි.
ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අගලවත්ත ආසන සම්මේලනයේදීය.


