Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය කරයි! නව මිල ගණන් මෙන්න!

2 years ago

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 344කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල්‍ 41කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 379කි.

එසේම ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර, එය රුපියල් 314ක්ව පවතී.

සයිනොපෙක් සුපර් ඩීසල් මිල ද රුපියල් 22කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 355කි.

ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙයි.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද පියවර ගෙන තිබුණි.