අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය සිදු කෙරෙනවා.
එම ගාස්තු නිවැරදිව අය නොකරන්නේ නම් 1955 ක්ෂණික අංකයට දැනුම්දිය හැකි බවයි, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර බස් ගාස්තු අඩු වීමේ වාසිය ලබා ගැනීමට නම් මාරු සල්ලි රැගෙන එන ලෙසයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා ඉල්ලා සිටියේ.





