ඉදිරියේ දී කිසිදු ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට තමා තරග නොකරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
එහෙත් සිය පුත් දහම් සිරිසේන එළඹෙන මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවදින බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
කෙසේ නමුත් තමා ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය ඉදිරියටත් කරගෙන යන බව ඔහු සඳහන් කරනවා.


