වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සහයෝගය නොදිය යුතු බව සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
එවැනි කිසිඳු යෝජනාවකට සහාය නොදිය යුතු බවට වූ යෝජනාවක් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් අද(02) පැවති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාව සජබ මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව අනුමත කර තිබුණි.


