ජනාධිපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් ඒ පිළිබඳව එකඟ විය හැකි බව මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමි පවසනවා.
ජනාධිපතිවරණය ඉදිරිපත්වීම තනිව සිදු කළ හැකි කටයුත්තක් නොවන බවත් එය විශාල පිරිසකගේ එකතුවෙන් සිදු කළ යුතු කටයුත්තක් බවද උන්වහන්සේ පවසනවා.
එමෙන්ම උන්වහන්සේට ජනතාවගෙන් මේ වන විටත් විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ(01) රාත්‍රියේ පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.


