Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල

යළි බිත්තර හිඟයක් ?

2 years ago

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පසුගිය 02 වනදා සිට බලපැවැත්වෙන පරිදි බිත්තර සඳහා නව පාලන මිලක් නියම කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 43 – 47 අතර මිලකට අලෙවි කළ යුතු වනවා.

රතු බිත්තරයක මිල රුපියල් රුපියල් 45 – 49 අතර වන බව සඳහන්.

කෙසේ වෙතත් නියම කර ඇති මිලට බිත්තර අලෙවි කළ නොහැකි බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම්වරයා අවධාරණය කළේ.

මීට පෙරද බිත්තර සඳහා උපරිම මිලක් නියම කර තිබුණ ද එය අසාර්ථක වූ බව එච්.එම්.ඩී.ආර්. අලහකෝන් මහතා පෙන්වා දෙනවා.

මෙලෙස සිදු කිරීමෙන් ගොවින් නිෂ්පාදනය අතහැර යාමෙන් යළිත් බිත්තර හිඟයක් ඇතිවීමට ඇති බව ද ලේකම්වරයා සඳහන් කළා.