ලබන වසරේ ජනවාරියේ සිට බිත්තර සඳහා 15%ක වැට් බද්දක් එකතු කිරීමට නියමිත බවත්, ඒ හේතුවෙන් බිත්තර මිල තවත් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්.අලහකෝන් පවසනවා.
එහිදී ඔහු සඳහන් කළේ, පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළද, එම නියම කාරන ලද මිල ප්රමාණයන් අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවයි.
පාරිභෝගික අධිකාරිය විසින් ජූලි 02 වැනිදා සිට බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබූ අතර, එහිදී සුදු බිත්තරයක් රුපියල් 43ත් 47 ත් අතර මිලකට ද, දුඹුරු බිත්තරයක් රුපියල් 45ත් 49ත් අතර මිලකට අලෙවි කළ යුතු යැයි සඳහන් කරනු ලැබුවා.


