Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ෆේස්බුක් හරහා සිදුවන මුදල් වංචාවක් පිළිබඳව ජනතාවට දැනුම්දීමක්

2 years ago

අමතර ආදායමක් ලෙස මුදල් ඉපැයිය හැකි බව පවසමින් මුහුණු පොත හරහා සිදුකරන මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ දිනවලදී තොරතුරු වාර්තාවන බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ – අනුකූලතා (පාරිභෝගික පැමිණිලි, මහජන දැනුවත් කිරීම්) මේනකා පතිරණ පවසනවා.

එමෙන්ම මෙම මුදල් වංචාව නයිජීරියාව වැනි විදෙස් රටවල් ඔස්සේ මෙහෙයවන බවට වාර්තාවී ඇති බවද ඇය සඳහන් කරනවා.

වැඩිදුරටත් අධ්‍යක්ෂවරිය සඳහන් කරන්නේ, සිය පෞද්ගලික තොරතුරු ලබාදී යම්කිසි මුදලක් යෙදවූ විට එම මුදල දෙගුණයක් වී සිය බැංකු ගිණුම වෙත නැවත ලැබෙන බව ඔවුන් පවසන බවයි.

ඒ අනුව, මුදල් යෙදවූ පළමු අවස්ථාවේ එය දෙගුණයක් බවට පත්වූ බවට දුරකථනය වෙත කෙටි පණිවුඩයක් ලබාදී විස්වාසය තහවුරු කරනා බවද ඇය පවසනවා.

පසුව මෙයට විශාල මුදලක් යොදවන ලෙසත්, එය සිද්ගුණයකින් වැඩීවී නැවත ලැබෙන බවත්, ඔවුන් සඳහන් කර තිබෙනවා.

එලෙස විශාල මුදලක් යෙදවීමෙන් පසු බැංකු ගිණුම වෙත මුදල් බැරවීමක් නොවන බවත්, නැවත එම ආයතනය සමග සම්බන්ධ වීමට නොහැකි බවටත්, තොරතුරු වාර්තා වී ඇතැයි පැවසේ.