Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

three wheel price in sri lanka

හෙට සිට බස්නාහිර පළාතේ ත්‍රී රෝද රථ ගාස්තු පහත යන ආකාරය පිළිබඳව දැනුම්දීමක්

2 years ago

බස්නාහිර පළාත තුළ හෙට (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුවීමක් සිදුකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක මුදල රුපියල් 90 දක්වා අඩු කර ඇති බවය.

කොළඹදී අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලලිත් ධර්මසේකර මහතා ඒ බව සඳහන් කළේය.

“බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ මගියෙකුගෙන් පළවෙනි කිලෝ මීටරයට අයකළ හැක්කේ උපරිමය රුපියල් 100යි. දෙවැනි කිලෝ මීටරය රුපියල් 90යි. රාත්‍රි 10න් පස්සේ පාන්දර 05 වෙනතුරු මේ ගාණනට 15%ක් එකතුවෙනවා කියලා කිව්වේ. ඒ ගණනය හැදීමේදී. ඒ ගාස්තු මීටරවලට ගණන් දැමීමේදී ඇතිවන අපහසුතා නිසා ආසන්නම ගණනට හැදිය යුතුයි. කොහොම නමුත් හිතූ හිතූ ගණන් යොදාගන්න බෑ. මගියාට දැන් තියෙනවා අවස්ථාවක් යම් අසාධාරණයක් වුවොත් නිවැරදි තොරතුරු සහිතව පොලීසියට, පාරිභෝගික සේවා අධිකාරියට, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට දැනුම් දෙන්න පුළුවන්.”