Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත් ප්‍රේමදාසව යළි එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීමට ජනපති කොන්දේසියක් පනවයි

2 years ago

සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය නැවත දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මහනුවර දී අද (14) පැවති “එක්ව ජයගමු”මහජන රැලි මාලාවේ දෙවැනි රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

දූෂණයට විරුද්ධව සටන් කළයුතු බව සමගි ජන බලවේගය පවසන බවත් ඔවුන් සමඟ එක්ව දූෂණයට විරුද්ධව සටන් කිරිමට තමන් සූදානම් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියා.

ඒ සඳහා එක් කොන්දේසියක් තිබෙන බව පැවසු ජනාධිපවරයා සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසල් වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බව සඳහන් කළා.

මහනුවර පොදු වෙළෙඳපොළ සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වුණු මෙම ජනරැළිය පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරනු ලැබ තිබුණා.