Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක්! මහා බැංකුව ඩොලර් විකුණයි!

2 years ago

ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් අද (15) දිනයේ දී වාර්තා වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 297.19 ක් ලෙසත් විකුණුම් මිල රු. 306.40 ක් ලෙසත් සටහන් වී ඇත.

පසුගිය සිකුරාදා දිනය හා සැසඳීමේදී ඩොලර් මධ්‍ය අගය රුපියලකට වඩා වැඩි අගයකින් පහත ගොස් තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

අද දිනයේ දී ඩොලරයේ මධ්‍ය අගය සටහන් වී ඇත්තේ රු. 302.19 ක් ලෙසිනි. පසුගිය සිකුරාදා (12) මෙම අගය රු. 303.32 ක් ලෙසින් වාර්තා විය.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.
මහජන බැංකුව – රු. 295.91 – රු. 306.53
කොමර්ෂල් බැංකුවේ – රු. 295.68 – රු. 305.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.00 – රු. 305.00
සෙලාන් බැංකුව – රු. 295.50 – රු. 305.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.00 – රු. 305.00
එන්.ඩී.බී. (NDB) – රු. 294.15 – රු. 305.15
අමානා බැංකුව – රු. 299.25 – රු.304.75

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පසුගිය 2024 ජූනි මාසය තුළ දී මිලියන 57ක ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ අලෙවි කර ඇති බවයි.

එසේම කිසිදු ඩොලර් මිල දී ගැනීමක් පසුගිය ජූනි මාසයේ දී මහ බැංකුව විසින් සිදුනොකර තිබීම ද විශේෂත්වයකි.