Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිල්ටන් හෝටලය මිලදී ගැනීමට සැරසෙන සමාගම

2 years ago

හිල්ටන් හෝටලය අයත් Hotel Developers (Lanka) Ltd ආයතනයේ රජය සතු කොටස් මිලට ගැනීම සඳහා ලංසුවක් ඉදිරිපත් කළ එකම පූර්ව සුදුසුකම් ලත් සමාගම ලෙස Melwa Hotels & Resorts (Pvt) Ltd සමාගම රජය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රජය සතු ව්‍යවසාය, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අනුව 2023 ඔක්තෝම්බර් මාසයේදී මුදල් අමාත්‍යාංශය Hotel Developers (Lanka) Ltd ආයතනයේ කොටස් මිලට ගැනීමට ලංසු කැඳවීම පිළිබඳව දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව, ඊට ලංසුකරුවන් 09 දෙනෙකු ඉල්ලුම්කර තිබුණි.

ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කමිටුව මගින් එම ලංසුකරුවන් අතරින් ලංසුකරුවන් 04 දෙනෙකු පූර්ව සුදුසුකම් ලැබූවන් ලෙස තෝරා ගනු ලැබිණි.

නමුත් යෝජනා ඉදිරිපත් කිරීමේ කාලසීමාව තුල, යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ඉන් එක් ලංසුකරුවකු වන Melwa Hotels & Resorts (Pvt) Ltd සමාගම පමණි.