ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් තාවකාලිකව පක්ෂ නායකත්වායෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව එහි තාවකාලික නව නායකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න පත් කර තිබේ.
ඒ අනුව නිල වශයෙන් පත් කිරීමේ උත්සවය බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (16 වැනිදා) පස්වරු 2 ට පැවැත්වේ.
එම පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි සඳහන් කළේ පක්ෂයේ වැඩකටයුතු ක්‍රියාකාරීව සිදු කිරීම සඳහා නව නායකයෙකු පත් කර ගැනීමට තීරණය කළ බවයි.


