Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මිකද ? මහින්දානන්දගෙන් පැහැදිලි කිරීමක්

2 years ago

එළඹෙන ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂ්කයා වශයෙන් තමාව තෝරාගතහොත් එම අභියෝගය භාරගැනීමට තමා සූදානම් බව ධම්මික පෙරේරා මහතා මින් පෙර සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සඳුදා දිනයේදී ද එළඹෙන මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියා.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමා අපේක්ෂකයකු ලෙස කිසිඳු ලෙසකින් ඉදිරිපත් නොවන බව ඔහු අවධාරණය කර සිටිනවා.