Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණය පිළිබඳ නවතම මැතිවරණ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රධාන අපේක්ෂකයන් අතර තියුණු සටනක්!

2 years ago

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මැයි මාසයට අදාළ තම ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව නිකුත් කර තිබෙනවා.

එම නව වාර්තාවට ජනාධිපතිවරණයේදී අනුව අනුර කුමාර දිසානායක මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර තිබූ පරතරය තවදුරටත් අඩුවී තිබෙනවා.

එහිදී ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට හිමි වී ඇති ජන ප්‍රසාදය 39%ක් ලෙස සටහන් වී ඇති අතර එය පසුගිය සමීක්ෂණයේදී 41%ක් ලෙස සටහන් වී තිබුණි.

ඒ අනුව ඔහුට හිමි ජන ප්‍රසාදය 2%කින් පහත වැටී ඇත.

එමෙන්ම සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා ප්‍රසාදයේ කිසිඳු වෙනසක් සිදු නොවී ඇති අතර ඔහුට මෙවර හිමිව ඇති ප්‍රතිශතය 38%කි.

එම සමීක්ෂණ වාර්තාවට අනුව වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 15%ක ජනතා ප්‍රසාදයක් හිමිව පවතී. ඔහුට හිමි ජන ප්‍රසාදය මාස 4ක් තුළ 8% සිට 15% දක්වා වැඩි වී තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට හිමි ජන ප්‍රසාදය 9% සිට 7% දක්වා පහත වැටී ඇත.

මෙම සමීක්ෂණය සඳහා මේ දක්වා පුද්ගලයින් 17,751 දෙනෙකු සහභාගී කරවාගෙන තිබේ.

මෙම සමීක්ෂණයට අනුව පසුගිය නොවැම්බර් මාසයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට 50% ජනතා කැමැත්තක් හිමිව තිබුණද එය මේ වන ටිට 39% දක්වා අඩු වී තිබේ. ඒ මහතා ඉන්දියාවේ සංචාරයේ නිරත වන විට ඒ මහතාට හිමි ඉහළ ජන ප්‍රසාදය පිළිබඳව පෙන්වීමට ඉන්දීය මාධ්‍ය උපයෝගී කර ගත්තේද මෙම සමීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵලයි.